Full Name : Sunil Wimalarathna
Address:  2 C /36, මත්තේගොඩ නිවාස සංකීර්ණය, මත්තේගොඩ.
Con. No:  
Birth Day:   මාර්තු  15 වන දින 
E-Mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කොටිකාවත්ත ශ‍්‍රී රාජසිංහ මහා විද්‍යාලයේ සිප්සතර හදාරා පසුව 1974 වසරේ ශී‍්‍ර ලංකා යුද හමුදාවට බැදී ශී‍්‍ර ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවය කරමින් වසර (විසිහතක) 27 සේවා කාලය නිමකරමින් ඔහු විශ‍්‍රාම ලැබූහ.

කුඩා අවදියේ සිට ඔහු සංගීතයට හැකියාවක් දැක්විය. කලා ක්ෂේත‍්‍රයේ වසර 25ක් පමණ කාලයක් නියැලී සිටින කලාකරුවෙකි. 1982 වසරේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ ඊ ශ්‍රේණියේ සරල ගී ගායකයෙකු ලෙස සමත්වි ගුවන් විදුලි වැඩසටහන් ගණනාවක ගීත ගයා ඇති අතර ඔහු ශ‍්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සාමාජිකයෙකි.

බොහෝ රූපවාහිනී මාධ්‍යවලද ගීත ගයා ඇති අතර ශ‍්‍රී ලංකාවේ සෑම කලාකරුවන් අතර ලෙන්ගතු ලබැඳියාවක් තිබෙන ඔහු ගායකයෙක් සහ ප‍්‍රසංග සම්බන්ධීකරණ ශිල්පියෙකි. ඔහුගේ නව නිර්මාණත් සමග, සී.ටී.ප‍්‍රනාන්දුගේ ගීත ගයා ජනප‍්‍රියට පත්විය. ඒකපුද්ගල ගී ප‍්‍රසංග 5ක් පමණ පවත්වා ඇති අතර ජනප‍්‍රිය සංගීත කණ්ඩායම් සමග විදේශ රටවල පවා ගීත ගයා ඇත.

ඔහු සංගීත කේෂේත‍්‍රය තුල ඉටුකල මෙහෙය මතකයට නගනවිට, විශේෂයෙන්ම රට තුළ යුද ගිනිදැල් පැවැති සමයේ රණවිරුවෙකු ලෙස, ක‍්‍රියාන්විත ප‍්‍රදේශයන් හි ජනප‍්‍රිය ගායක ගායිකාවන්, නිවේදකයින්, සංගීත කණ්ඩායම්, සහභාගී කරවමින්, කිසිම අය කිරීමකින් තොරව ප‍්‍රසංග 65ක් පමණසම්බන්ධි කරමින්, යුද්ධය වෙනුවෙන් කැපවූ ඒ අභීත රණවිරුවන්ගේ මානසික වින්දනය උදෙසා කල මෙහෙය මතකයට එන්නෙමි. ක‍්‍රියාන්විත ප‍්‍රදේශවල ප‍්‍රසංග වලට සහභාගීවූ කලාකරුවන් වෙත දක්වන අනුග‍්‍රහයක් වශයෙන්, ශ‍්‍රී ලංකා යුදහමුදාවෙන් නිකුත් කරන ලද විශේෂ හැඳුනුම්පත ලබා දීමේ ක‍්‍රියාදාමයට මූලිකව කටයුතු කල අයෙකි.

ඔහු දැනට ශ‍්‍රි ලංකාවෙන් බැහැරව එංගලන්තයේ බිරිද සහ දරුවන් දෙදෙනා සමග ජිවත්වෙමි. ලන්ඩනයේද ඔහු පුරුදු පරිදි විවේක අවස්ථාවන්වල දී කලාකටයුතු වල නිරත වන්නෙමි. ලන්ඩන් පුරවරයේ, ඔවුන් සමග ලබැදියාවෙන් කටයුතු කරමි. ලන්ඩනයේ ශ‍්‍රි ලාංකික  සංගිත කණ්ඩායම් වන "Sky High Band, X Ceed Band, Xtreem, " සමග ඔහු දැනට ගීත ගයමි. ලන්ඩනය පුරා ඔහු C . T  ප‍්‍රනාන්දු කලාකරුවා ගේ ගීත ගායන කරමින් ඉමහත් ජනප‍්‍රියත්වයට පත් වි ඇත. 

තවද නොබෝදා ඔහු විසින් ලන්ඩන් නුවර හවුන්ස්ලො නගර සිමාවේ ලැමිටන් ස්කූල්හි 2012 ජූනි 30 වෙනි දින‘‘සුනිල් ගී සර’’නමින් ප‍්‍රසංගයක් පැවැත්විය. ශ‍්‍රි ලාංකික පෙරදිග ගී මධුර ස්වරය එංගලන්තය වැනි අපරදිග රටකදි අවදි කිරිමට තරම් ප්‍රබලවත්වීම  අතිශයින්ම සතුටට කරුණකි.  

 

Gallery

 

Visuals
Songs

You can listen to Some of the Songs by Sunil vimalarathna

01. Arunalu Watenna Ude

 

02. Upan bimata

 

03. sada wata

 

04. sinharajayaku se

 

05. sunami adinaye

 

 

 

President Message

Artists

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22

Advertising Section


Playlist